(රවී ලියනගේ)
රූමස්සල කඳුපාමුල ගල්පර්වතවල වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබු තෙල් ප්‍රමාණය මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී නැවෙන් ඉවතට ගැනීමේ කටයුතු ඉකුත් 21 වැනිදා ආරම්භ කළ අතර අද (24) සවස වනවිට සියලු තෙල් ඉවතට ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී හැකිවිය.
සියලු තෙල් ප්‍රමාණයන් (ඩීසල් සහ ජලය සමඟ එකතු වූ ඩීසල්) ප්‍රථමයෙන් ගොඩබිම ඇති ටැංකිවලට පුරවා පසුව ලොරියක ඇති ටැංකිවලට පුරවා අවසානයේ බවුසර්වලට පිරවීම සිදුවිය.
අදියර තුනකින් මෙසේ දුෂ්කර කාර්යයක් කිරීමට සිදුවුයේ නැව සහ මාර්ගය අතර දුර සහ එහි තිබු දුෂ්කරතාවන් නිසාය.
මීළඟට ඇත්තේ නැව එම ස්ථානයෙන් ඉවත් කිරීම බවත් සමුද්‍ර දුෂණ වැළක්වීමේ පනත අනුව නැව වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාළ නැව් ඒජන්තවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා පැවසීය.
කාලගුණයේ සහ කාර්මික දෝෂයන් නිසා තෙල් ගොඩබෑමට දින කිහිපයක්ම ගතවිය.


2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රූමස්සල හැපුණු නැවෙන් තෙල් ගොඩබෑම අවසන්