IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප

(උපාලි ආනන්ද)
අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ  නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවක්  සම්බන්ධයෙන්  සැකපිට අත් අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා   අද  (22) නියෝග කළේය.
 
ඒ අනුව  සියලු  සැකකරුවන්ට රුපියල් 110000 බැගින් වෙන් වෙන් වශයෙන් මුදල් ඇප නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව  රුපියල් 5 ක් පමණ වටිනා ශරීර ඇප දෙක බැගින් වෙන් වෙන් වශයෙන් සියලු සැකකරුවන්ට නියම කෙරිණි.
 
ඇපකරුවන් පදිංචි සහතික සමග අධිකරණයට ඉදිරිපත් කළ  යුතු බවටද නියෝග කළ   මහාධිකරණ විනිසුරුවරයා සතියේ සෑම ඉරිදා  දිනයකම තඹුත්තේගම පොලිසියට වාර්තා කරන ලෙසටද සැකකරුවන්ට නියෝග කරනු ලැබීය.
 
සාක්ෂිකරුවන්ට  බලපෑම් කිරීමෙන් වළකින  ලෙසටත් සැකකරවැන්ට බලපෑම් කල බවට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යළි බන්ධනාගාර ගත කරන බවටද සැකකරුවන්ට තරයේ දැන්වීය. සියලු  සැකකරුවන්ට  විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත‍්‍ර අධිකරණයට බාර දෙන ලෙසටද සැකකරුවන්ට  නියෝග කළේය.
 
රිමාන්ඩ් කර සිටි අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු  සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර  සභාවේ  ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ  ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ  ඇප අයදුම්පත  සළකා  බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබීය.



අදහස් (0)

රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site