IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රුපියල් 10 ට මුඛ ආවරණ සෙවීමෙන් බලපිටිය ප්‍රා.ස උණුසුම් වෙයි

( එම්.සුසිල් ප්‍රියන්ත)
           
හිටපු විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගාමිණි යසරත්න මහතා පමනක් අද (21) පැවති මාසික සභා රැස්වීමට මුඛ ආවරණ නොපැළද පැමිණීමත් සමඟම බලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් විය.
 
සභාපති එන් .සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ

ගාමිණි යසරත්න මහතා පමණක් මුඛ ආවරණ නොපැලද  අද (21 ) පැවති මාසික සභා රැස්වීමට පැමිණ සිටි දුටු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒ පිළිබදව  සභාපති එන් .සමන් ද සිල්වා මහතා දැනුම්වත් කළහ. ගාමිණි යසරත්න මහතා කොරෝනා මර්දන නීති උල්ලංඝනය කරන බවට ඔවුහු චෝදනා කළහ.
 
ඉන් අනතුරුව සභාපති එන් .සමන් ද සිල්වා මහතා ඇයි මන්ත්‍රිතුමා ඇත්තටම මුඛ ආවරණ පැළද ගෙනනාවේ යැයි ඇසුවේය .


ඒ සමගම  ඊතලයක් මෙන් වේගවත්ව නැගී සිටි ගාමිණි යසරත්න මහතා ඉතා වේගවත් අයුරි කතා කරමින් කියා සිටියේ කොරෝනා ඉන්න කළින් මම මුඛ ආවරණයක් මිලදි ගත්තේ රුපියල් දහයකට .දැන් බලන්න මුඛ ආවරණයක මිල කීයද කියලා. රුපියල් 50 ඉදන් ඉහලට ගිහිල්ලා. දැන් මුඛ ආවරණයක් සාමාන්‍ය මිලකට සාමාන්‍ය මිනිහකුට ගන්න බැහැ.මම අතේ තිබුණේ රුපියල් දහයයි .
 
ඒක මදියි මුඛ ආවරනයක් මිලදී ගන්න.මුඛ ආවරණ සදහා පාලන මිලක් නියම කරන තෙක් මම සභාවට මුඛ ආවරණ දාගෙන එන්නේ නැහැ.මට පුලුවන් දෙයක් කරන්න. මම විරෝධයක් ලෙසයි අද මුඛ ආවරණ නොමැතිව සභාවට ආවේ. මේක මගේ විරෝධතාවක් යයි කීවිට මුඛ ආවරණ නොපැලද පැමිණිම පිලිබදව  ගාමිණි යසරත්න මහතාට කැකෝ ගසමින්  සිටි සභාපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් නිහඩවූයේ ඔහුගේ ඒ තර්කය සදහා වෙනත් විකල්පයක් නොතිබූ නිසාය.
       



අදහස් (0)

රුපියල් 10 ට මුඛ ආවරණ සෙවීමෙන් බලපිටිය ප්‍රා.ස උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site