IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රන් භාණ්ඩ සොරාගත් ඥාතිපුත්‍රයා අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ)
 
අහංගම මැලියගොඩ ෆොන්සේකාවත්තේ නිවසක ශීතකරණයේ සඟවා තිබූ රුපියල් 169000 ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් එම රන් ආභරණ හිමිකාරියගේ ඥාති පුතෙකු අද (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

මෙම නිවසේ පදිංචි කාන්තාව ඇය සතු රන්මුදු 6ක්, අත්පළඳනාවක්, පෙන්ඩනය සහිත රන් දම්වැලක් ප්ලාස්ටික් බඳුනක බහා නිවසේ ශීතකරණයේ සඟවා තිබිණි.

මේ අතර මාසයකට පසුව ඊයේ (19) එම කාන්තාව ශීතකරණය පරික්ෂාකර බලන විට එම රන් ආභරණ බඳුන කිසිවෙකු විසින් සොරකම් කර ගෙන ඇති බව දැන පොලිසියට පැමිණිලිකර තිබේ.

ඒ අනුව පරික්ෂණ පැවැත් වූ පොලිසිය එම නිවසේම ඉදිරිපස කාමරයේ නැවතී සිටින ඇගේ ඥාති පුතෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය. සොරකම් කළ රන් ආභරණ වැලිගම නගරයේ රාජ්‍ය බැංකුවකට උකස්කර ඇති බවද පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

සැකකරු අද (20) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

රන් භාණ්ඩ සොරාගත් ඥාතිපුත්‍රයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site