(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රන් භාණ්ඩ සොරකම් කළ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු ජනවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් එම්.එම්. රෆික් මහතා අද (10) නියෝග කළේය.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කිරිමැටිතැන්න ලංකාබරණ වත්ත ප්‍රදේශයේ පදිංචි 30 සහ 38 හැවිරිදි වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සංවිධානාත්මකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද රන් මාල පහක්,රන් අත් පළඳනා දෙකක් සහ රන් කරාබු, ජෝඩු දෙකක් සමඟ මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ (09) දා රාත්‍රියේ බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකාරියන් දෙදෙනා මන්නාරම,රත්නපුර හා බදුල්ල ඇතුළු ප්‍රදේශවලින් මෙම රන් භාණ්ඩ සොරකම් කරගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රන් භාණ්ඩ සොරකම් කළ කතුන් දෙදෙනෙකු රිමාන්ඩ්