IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රන් බිස්කට් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )
 
රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ  දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 

 මොහු කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු  බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ .
 
 ඔහු අද (17)  අලුයම 1.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි  ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
ඔහු විකලාංග රෝගීන් ප්‍රතිකාර සදහා පළදින සායනික ඉනපටියක් පැළද ගෙන  ඒ තුළ මෙම කිලෝ ග්‍රෑම්  04 ක් බර , කැරට් විසි හතරේ රන් බිස්කට් 40 ක් සඟවා ගෙන සිටි බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (0)

රන් බිස්කට් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site