IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රන්භාණ්ඩ - මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)

සාලියවැව අලුත්ගම ගලවැව මාර්ගයේ සිරිසරවත්ත ප්‍රදේශයේ  නිවසකින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්භාණ්ඩ සහ මුදල් රුපියල් 25,000ක් සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සිරිසරවත්ත ප්‍රදේශයේම පදිංචි මෙම එක් සැකකරුවෙකුගේ ඥාතියෙකුගේ ඉඩමක ගස්බෙනයක් තුළ සඟවා තිබූ අදාළ රන් භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.

ගස්නැග කුලියට පොල් කඩන්නන් බව පැවසෙන මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 22 සහ 24 වයස්වල පසුවන්නන් බව පොලිසිය කීය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන මොවුන් දහවල් කාලයේ අදාළ නිවසේ නිවැසියන් නැති අවස්ථාවක් බලා වහලයෙන් නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

රන්භාණ්ඩ - මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 166 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1691 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site