(සිතුම් චතුරංග)
වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී රුපියල් ලක්ෂ 18 ආසන්න වටිනාකමින් යුත් මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අද (09) වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
පසුගිය 01 වැනිදා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ඇතු`ඵවී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරු හා කොල්ලකෑ මුදල් හා රන්භාණ්ඩ සොයාගෙන තිබිණ.
සැකකරු විසින් උකස් මධ්‍යස්ථානයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් හා රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන්පවුම් 12ක්ද සොරාගෙන ඇති බව පොලිසිය ස`දහන් කළේය.
පොලිසිය පැවසූයේ සැකකරු කොල්ලය සදහා දින කිහිපයක් සැළසුම් කොට ඇති අතර ඒ අනුව උකස් මධ්‍යස්ථානය වසාදමන අවස්ථාවේ සැකකරු එයට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමෙන් අනතුරුව පසුදින පිටව ගොස් ඇති බවයි.
අත්අඩංගුවටගත් සැකකරු රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානය අයත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාරික ස්ථානයක කම්කරුවකු ලෙස සේවයකරන අයකු බවද පැවසීය.
සැකකරු පිටව යන අවස්ථාවේ ඔහු විසින් උකස් මධ්‍යස්ථානයේ සි.සි.ටි.වි පද්දතියට හානිකොට පලාගොස් ඇති බවද කීය.
අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව සුන්දරපුරම් පදිංචි 28 හැවිරිදි අයකු වේ. සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
153
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි