(අනීෂා මානගේ)
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල වෙළෙදසැල් සහ නිවෙස්වලට ඇතුළු වී විදුලි උපකරණ, රෙදිපිළි සහ මුදල් සොරකම් කළැයි සැකපිට අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය හකුරුවෙල වකුමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි අයකු, ඔහුගේ තිස් දෙහැවිරිදි බිරිය සහ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි අයෙකු බව නිලධාරීහු කියති.
මාරවිල, කොස්ගම, කොට්ටාව ප්‍රදේශවල වෙළෙදසැල්වලට රාත්‍රි කාලයේ ඇතුළු වී විදුලි උපකරණ, රෙදිපිළි සහ දේපල සොරකම් කිරීම, අඟණකොළපෑලැස්ස ප්‍රදේශයේ නිවෙසකට දහවල් කාලයේදී ඇතුළු වී දේපළ සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මොවුන් සැකකරුවන් වන බව පොලිසිය කියයි.
අඟුණකොළපෑළැස්ස පොලිස් වසමේදී පුද්ගලයකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රධාන සැකකරු වන වන පොලිසිය කියයි. තවද මෙම පුද්ගලයාට අත්තනගල්ල, මහර, පානදුර සහ වලස්මුල්ල අධිකරණවලින් වරෙන්තු නිකුත් කර තිබූ අයකු බව පොලිසිය කියයි.
සොරකම් කළැයි කියන භාණ්ඩවලින් කොටසක් අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් සොයාගෙන ඇති අතර රූපවාහිණි යන්ත්‍ර දහයක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතනයක්, රෙදිපිළි, රූපවාහිණි යන්ත්‍රවල දුරස්ථ පාලක කිහිපයක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් නිලධාරීහු සොයාගත්හ. සොයාගන්නා ලද මෙම භාණ්ඩ රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමක් ඇතැයි පොලිසිය කියයි.
රූපවාහිණි යන්ත්‍රවල වෙළෙදපොළ වටිනාකමින් අඩක මුදලකට මෙම භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇතැයි පොලිසිය කියයි. වීරකැටිය, බරවකුඹුක, දික්වැල්ල, අකුරැස්ස, තංගල්ල සහ කුඩාවැල්ල ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට මෙම සොර භාණ්ඩ අලෙවි කර ඇතැයි සොයාගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෙදිපිළි-මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් අඹුසැමි යුවළ අත්අඩංගුවට