(පුෂ්ප කුමාර ජයරත්න)
රිදීගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් රම්බොඩගල්ල මහා විද්‍යාලයේ ගැහැණු වැසිකිළිය තුළ තිබී බෝර දොළහේ පතුරොම් තුවක්කු වලට යොදන ජීව උණ්ඩ තුනක් සහ උණ්ඩ හිස් කොපු දෙකක් හමුවූ බව රිදීගම පොලීසිය පවසයි.
අද (06) පාසල ආරම්භ කිරීමට පෙර කරන ලද සෝදිසියකදි මෙම ජීව උණ්ඩ සහ හිස් කොපු හමුවී තිබේ.
මෙම උණ්ඩ තරමක් පැරැණි ඒවා වන අතර ආරක්ෂක අංශ නොමඟ යැවීමේ අරමුණින් හෝ දෙමාපියන් බිය වැද්දවීමේ අරමුණින් මෙම උණ්ඩ ගැහැණු වැසිකිළියට දමා යන්නට ඇතිබවට ආරක්ෂක අංශ සැක කරයි.
මෙම පාසල පිටුපස කොටසට ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් පෙරේදා (05) රාත්‍රියේ කිසිවකු විසින් මේවා පාසල තුළට දමා යන්නට ඇති බවට සැක කරයි.
රිදීගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිදීගම විදුහලක වැසිකිළියක තිබී ජීව උණ්ඩ හමුවෙයි