(අනීෂා මානගේ)
නිධානයකින් ලබාගත් රත්තරන් බව හඟවමින් රත්තරන් ආලේපිත ඊයම් බෝල කිලෝග්‍රෑම් 11 ක් අලෙවි කිරීමට සූදානම් වූ දෙදෙනකු අද (17) සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල සහ ජූලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සතුව තිබූ බව කියන රත්තරන් ආලේපිත කුඩා ඊයම් බෝල කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 50 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
නිධානයකින් ගත් රත්තරන් බෝල ලෙස හඟවමින් විවිධ පුද්ගලයන්ට මෙම ඊයම් බෝල අලෙවි කිරීමට සූදානම් වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්තරන් ආලේපිත ඊයම් බෝල සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ