(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් ලබන මස 4 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, වයි.පි.විදානගම,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න , වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් 17 දෙනා වෙති.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පැමිණිල්ල මෙහෙය වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරික්ෂණ තවමත් අවසන් නොමැති අතර රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තා තවමත් ලැබි නොමැති බවයි.
මෙහිදි මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ 17 දෙනා යළි රිමාන්ඩ්