IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම හෙට අරඹයි


 
 
අංජුල මහීක වීරරත්න
 
රාජපක්ෂ කල්ලිය විසින් ජනතාව පාරට ඇද දමන්නට උත්සහ කරන හෙට (5) යහපාලන රජය ජනතාව වෙනුවෙන් රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය මුල්කර ගනිමින් මෙම ගම්මාන 130 හි වැඩ කටයුතු අද (5) ආරම්භ කරන බව කී අමාත්‍යවරයා යහපාලන රජයට වසර තුනක් පිරිම නිමිත්තෙන් අගෝස්තු 17 වැනි දා රට පුරා ගම්මාන 104 ක ඉදිකිරිම් ඇරැඹූ බවද කීය.


මේ වන විට නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගම්මාන 1134 ක ඉදිකිරිම් ආරම්භ කර තිබෙන බව සඳමන් කළ නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයා මේ වසරේ දෙසැම්බර් 31 වැනි දා වන විට ගම්මාන 2500 ක වැඩ ඇරැඹීම තම ඉලක්කය බවද කීය.


2002 ජනවාරි 1 වන විට තවත් උදා ගම්මාන 5000 ක් ද ඉන්පසුව 3 වන අදියර යටතේ නිවාස 10,000 ක් ද 4 වැනි අදියර යටතේ නිවාස 2500 ක් ද ඉදිකර 2025 වන විට රට පුරා උදා ගම්මාන 20,000 ක් ඉදි කරමින් ගමට සෙවණ සැලසීම තම අරමුණ බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.



අදහස් (1)

රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම හෙට අරඹයි

Bamunuarachchi Tuesday, 04 September 2018 04:14 PM

අනේ කාගේ සල්ලි වලින්ද. අපේ බදු සල්ලි ගත්තේ ගෙවල් හදා පිනට දෙන්නද එතකොට අපිට බෙහෙත් ටික ගන්න සල්ලි දෙනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site