අංජුල මහීක වීරරත්න
රාජපක්ෂ කල්ලිය විසින් ජනතාව පාරට ඇද දමන්නට උත්සහ කරන හෙට (5) යහපාලන රජය ජනතාව වෙනුවෙන් රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය මුල්කර ගනිමින් මෙම ගම්මාන 130 හි වැඩ කටයුතු අද (5) ආරම්භ කරන බව කී අමාත්‍යවරයා යහපාලන රජයට වසර තුනක් පිරිම නිමිත්තෙන් අගෝස්තු 17 වැනි දා රට පුරා ගම්මාන 104 ක ඉදිකිරිම් ඇරැඹූ බවද කීය.
මේ වන විට නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගම්මාන 1134 ක ඉදිකිරිම් ආරම්භ කර තිබෙන බව සඳමන් කළ නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයා මේ වසරේ දෙසැම්බර් 31 වැනි දා වන විට ගම්මාන 2500 ක වැඩ ඇරැඹීම තම ඉලක්කය බවද කීය.
2002 ජනවාරි 1 වන විට තවත් උදා ගම්මාන 5000 ක් ද ඉන්පසුව 3 වන අදියර යටතේ නිවාස 10,000 ක් ද 4 වැනි අදියර යටතේ නිවාස 2500 ක් ද ඉදිකර 2025 වන විට රට පුරා උදා ගම්මාන 20,000 ක් ඉදි කරමින් ගමට සෙවණ සැලසීම තම අරමුණ බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම හෙට අරඹයි