IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිටිගල රක්ෂිතයේ වන විනාශයක්

(කාංචන කුමාර ආරියදාස)
 
කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් මොලගොඩ ගලෙන්බිඳුනුවැව දිවුල්වැව  ප්‍රදේශයේ  හුරුළු රක්ෂිතයේ සහ රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක් සිදුවෙමින් පවතී.


දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත අක්කර ගණනාවක් මේ වන විට කපා පුළුස්සා  විනාශ කර තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.


කැකිරාව  ආසනයේ  එක්තරා දේශපාලන පක්ෂයක ආසන සංවිධායක වරයෙකුගේ අනුදැනුම මත හා ඔහු ළඟ සේවය කරන මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස හබරණ  හුරුළු රක්ෂිත උද්‍යානයේ සේවකයෙකු  සහ තවත් කණ්ඩායමක් විසින් මේ දිනවල කුලී කම්කරුවන් යොදාගෙන අති විශාල භූමියක් මහ ගණ කැලෑව කපා  ගිනි තැබීමේ කටයුතුවල නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.


මෙම ප්‍රදේශයට වෙනත් පිටස්තර අයෙකුට ගමන් කිරීමට නොහැකි වන පරිදි ප්‍රදේශයේ අවට ඔවුන්ගේ තැරැව්කරුවන් යොදා තිබෙන බවත්  ගම්මානයේ අයෙකු මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරක් රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන හොත් එම අවස්ථාවේ ම දේශපාලන ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ දුරකථන අංක නම් සහිතව ලබා දීම නිසා ප්‍රදේශවාසීන්ද මෙම වන විනාශයට දැඩි බියකින් පසු වෙති.


වන විනාශයන් වලට දැඩිව විරෝධය ප්‍රකාශ කරන පිරිසක් බව සමාජයේ පෙනී සිටිමින් ඉතා රහසිගතව දේශපාලන රැකවරණය මත මෙම වන විනාශය සිදු කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.


ඉතා රහසිගත කැමරා ආම්පන්න සමග වෙස් වලාගෙන මෙම රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ රක්ෂිතයේ මහ ගස් මෙන්ම සියලුම ගස් කොළන් කපා බිම දමා ලොකු කුඩා  වන සතුන් පවා  පුළුස්සා තිබෙන ආකාරයයි. ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ දිවුල් වැව ඉස්මත්තේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම මහා වන භූමිය  විනාශ කිරීම සඳහා මිනිස් ශ්‍රම දින සියයක් ගතවූ බවය එක් කම්කරුවෙකු හට රුපියල් 1500 බැගින් දිනකට ගෙවා මෙම මහා විනාශය සිදු කළ බවද ඔවුන් රහසිගතව අප සමඟ පැවසූහ.  



අදහස් (1)

රිටිගල රක්ෂිතයේ වන විනාශයක්

Bamunuarachchi Monday, 01 October 2018 06:42 AM

අනේ මෙරටට මොකක්දමේ වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site