IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජරට සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක

(දයාරත්න ඇඹෝගම)

රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසට ඉල්ලා සිසුහු අද (27) සරසවි භූමියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙසේ පන්ති තහනමට ලක්ව සිටියේ රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ලහිරු සංජිව සිසුවා ඇතුළු සිසුන් 16 කි.

සරසවි භූමියේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව සිසුහු මේ වන විට විට පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසීය.

‘‘සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම් කරලා දැන් වසරකටත් වැඩියි. මේ සම්බන්ධයෙන් විසදුමක් ලබා දෙන ලෙස අපි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ වනතුරු විසඳුමක් ලැබුනේ නැහැ.

මේ සම්බන්ධයෙන් අපි අද (27) දින උපකුලපතිතුමා හමුවී සාකච්ඡාවක් ඉල්ලුවා. එතුමා කියනවා සිසුන් 12 දෙනෙකු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ හැකියි කියලා. අපි ඉල්ලා සිටින්නේ පංති තහනම් කළ සිසුන් 16 දෙනාගේම පංති තහනම ඉවත් කර දෙන ලෙසයි."

විසඳුමක් ලැබෙන තෙක් තමන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටින බවද ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා  වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

රජරට සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක

Raveendra Thursday, 27 December 2018 03:17 PM

අනේ මේ කිසිදු වරදක් නොකළ මුළු ලෝකෙම තිබෙන දැනුම දන්නා කුරාකුබියෙකුටවත් වරදක් නොකරන සහ නොකළ අහිංසක දරුවන් 16 දෙනාගේ පන්ති තහනම් කලේ කව්ද ??? කිසිවකුට වරදක් නොකළ මේ අහිංසකයන්ව හැකි ඉක්මනින් නැවතත් බාලාංශ පන්තියකටවත් යවන මෙන් අදාළ බරධරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම මෙම දරුවන්ට මෙසේ දඩුවම් කල නුගත් ආචාර්ය, මහාචාර්යවරුන් වහාම තනතුරුවලි නෙරපා දැමිය යුතුය.මක්න්නිසාදයත් සියල්ල දත් මෙම අහිංසක දරුවන්ගේ පන්ති තහනම් කර ඇත්තේ නුගත් ගුරු බවතුන් පිරිසක් බැවිනි . " අන්තරේ ඉන්නා අන්දරේලා " හැකි ඉක්මනින් මේ උගත් බුද්දිමත් දරුවන් 16 දෙනා බේරා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කල යුතුමය.ඕනෑම උදව්වකට රතු මලයලා පසුපසින් සිටින බැවින් බිය නොවන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site