IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ග්‍රන්ථ භාර ගැනීම අරඹයි

(නිමල කොඩිතුවක්කු)


මේ වසර සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය වෙනුවෙන් ග‍්‍රන්ථ භාර ගැනිම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

2018 වර්ශයේ රාජ්‍ය ලේඛනාගාරයෙහි ප‍්‍රථම මුණය ලෙස ලියාපදිංචි  කරන ලද සියලූ ග‍්‍රන්ථ  මේ සඳහා සලකා බලනු ලැබේ.
 
ස්වතන්ත‍්‍ර නවකතා, ස්වතන්ත‍්‍ර කෙටිකතා, ස්වතන්ත‍්‍ර පද්‍ය කෘති, ස්වතන්ත‍්‍ර යොවුන් සාහිත්‍ය කෘති, ස්වතන්ත‍්‍ර ගීත රචනා සංග‍්‍රහ, ස්වතන්ත‍්‍ර නාට්‍ය කෘති, ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ, ළමා සාහිත්‍ය කෘති,  ශාස්ත‍්‍රීය හා පර්යේෂණ, පරිවර්තිත නවකතා, පරිවර්තිත කෙටිකතා, පරිවර්තිත පද්‍ය කෘති,  පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘති, පරිවර්තිත නාට්‍ය කෘති,  ශාස්ත‍්‍රීය හා පර්යේෂණ, විවිධ විෂයක ග‍්‍රන්ථ ( සමාජ ශාස්ත‍්‍ර, මානව ශාස්ත‍්‍ර හා පරිවර්තිත ) , සිනමා හා රූපවාහිනී නිර්මාණ  සාහිත්‍ය කෘති  යන ශීර්ෂ යටතේ  ග‍්‍රන්ථ සමීක්ෂණය සිදු කෙරේ.
 
2018 ජනවාර් 01 දා සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදා  දක්වා වූ කාළය තුළ පළමු වරට මුද්‍රණය කර  ප‍්‍රකාශයට පත් කරන ලද පිටු 48 ට වඩා වැඩි ග‍්‍රන්ථ එක් ග‍්‍රන්ථයකින් මුද්‍රිත  පිටපත් දෙක බැගින් භාරදීමට කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ලේඛක, ලේඛිකාවන්ගෙන් හා ග‍්‍රන්ථ ප‍්‍රකාශක භවතුන්ගෙන් ඉල්ලිමක් කරයි.
 
මෙම ග‍්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තරපෑලෙන් හෝ ගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.
 
ග‍්‍රන්ථ භාර ගැනීමේ අවසාන දිනය පෙබරවාරි 28 වනදා වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 872 030, 0112 872 031 යන දුරකථන අංක වලට ඇමතීමෙන් ලබා ගත හැක.



අදහස් (2)

රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ග්‍රන්ථ භාර ගැනීම අරඹයි

අයෙෂා Wednesday, 08 January 2020 01:09 PM

2018 වසරද 2019 ප්‍රකාශිත පොත්ද?

:       0       2

රුක්ෂාන් රාජතිලක Friday, 24 February 2023 11:02 PM

2021 වසරේ මුද්‍රණය කළ පොත් මේ සඳහා වලංගු ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site