IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් සුද්ද පවිත්‍ර කළ අයෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                       

කාසල්රි ජලාශයට යාබදව නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරමින් සිටි බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට සම්බන්ධ යැයි කියා ගන්නා අයෙකු විසින් එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන දින කිහිපයක සිට ඉඩම සුද්ද පවිත්‍ර කිරීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් පවුල් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට ඉඩම් ලබා දීම සඳහා වෙන් කර තිබූ ඉඩමේ සැකකරු විසින් අක්කරයක පමණ කොටසක්  සුද්ද පවිත්‍ර කර ඇති බව වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.

සැකකරු විසින් රජයේ සතු ඉඩම බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරන බවට  මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට අද (03) ලද තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු සහ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගෙන නොර්වුඩ් පොලිසියට භාර දී ඇත.

 



අදහස් (0)

රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් සුද්ද පවිත්‍ර කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32011 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14463 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11229 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 285 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site