(නිමල කොඩිතුවක්කු)
වත්මන් රජය ගෙන යන වැඩපිළිවළ හමුවේ සෘජු විදේශ ආයෝජන අධි වේගයෙන් රට තුළට ගලා එමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
මෙමගින් අපනයන ආදායම ඉහළ ගොස් රුපියල ශක්තිමත් වී රටේ ආර්ථිකය ශක්තිමත් වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.
“අපේ රටේ එතෙක් මෙතෙක් සිදුවු දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලබන 24 වනදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා. ඩොලර් මිලියන 3850ක සෘජු විදේශීය ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ කටයුතු එදින ආරම්භ වීමට නියමිතයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව තමයි අපේ රටේ තෙල් පිරිපහදුවක් නිර්මාණය වෙලා 1967 වසරේදි වැඩ ආරම්භ වෙන්නේ. ඒ වගේ පස්ගුණයක ධාරිතාවයක් මෙහි තිබෙනවා.
දවසකට බැරල් ලක්ෂ දෙකක් මෙම තෙල් පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන්න පුලුවන්. මෙම ආයෝජන ව්‍යාපෘතියෙන් 70%ක් සිංගප්පුරු සමාගමකුත් 30%ක් ඕමාන් සමාගමකුත් ආයෝජනය කරනවා.
පසුගිය කාලයේ අපිට නගපු චෝදනාවක් තමයි හම්බන්තොට වරාය චීනයට විකුණුවා කියන එක. සමහරු කිව්වා මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයට එන මේ ආයෝජනය නිසා චීනයට හම්බන්තොට වරාය විකුණුවා කියන කතාවත් නිෂේධනය වනවා. අනික් පැත්තෙන් සිංගප්පුරු ගිවිසුම යථාර්ථයක් බවට පත් කරමින් තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.
අපේ අපනයන ආදායමත් ඩොලර් බිලියන 7කින් පමණ මේ ආයෝජනය තුළින් වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. පසුගිය වසරේදි අපේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17යි. මේ ව්‍යාපෘතියෙන් පසු එය ඇමරිකානු ඩොලර් බිලියන 23 ක් ලෙස වර්ධනය වීමට නියමිතයි.
මාස 18කින් මෙහි කටයුතු අපි නිමකරනවා. මේ ව්‍යාපෘතිය මගින් සෘජු රැකියා 1000ක් පමනත් වක්‍ර රැකියා 1500 ක් පමන නිර්මාණය වෙනවා. මෙම වයාපාති දෙක ඇරඹීමත් සමග හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල කාර්යක්ෂමව සහ සක්‍රීයව භාවිත කළ හැකියි” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘රජයේ වැඩපිළිවෙළ යටතේ විදේශ ආයෝජන වේගවත්’
Bamunuarachchi Saturday, 20 April 2019 04:42 PM
දොට්ට බහින්න ලැහැස්තිවෙලා රජයේ වැඩපිළිවෙල හදන්නේ විදේශීය යෝජනා වේගවත් කරන්න. මේ අවුරුදු 4 කරපු මගුලක් නැහැ.