IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රජය මගින් ගෙන්වූ කිරි ගවයින්ගේ අලාභය ඉල්ලා විරෝධතාවයක්

(චමිල් රූපසිංහ)
  
ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් කිරි ගවයින් මෙරටට ගෙන්වා කිරි ගොවින් , වෙලාඩ් ආයතනය සහ රජය අතර ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි 23 න් 15 ක් කඩවී තිබීම හේතුවෙන් එහි අලාභය ලබා ගැනීම සඳහා  අධිකරණයට යන බව පවසමින් ලංකා කිරිගොවිපල හිමයන්ගේ සම්මේලනයේ කිරි ගොවීහු විරෝධතාවයක නිරත වූහ.
  
ලංකා කිරිගොවිපල හිමයන්ගේ සංගමය සාමාජිකයින්,කිරි ගොවීන් , ඇක්සස් ෆෝසයිඩ් ආයතනය , පශු වෛද්‍යවරුන් , පළාත් අධ්‍යක්ෂකවරුන් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේඛම් සහ වැඩබලන සත්ත්ව සෞඛ්‍ය සහ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කේ.ඩී ආරියපාල හෙට්ටිආරච්චි මහතා අතර අද (31) ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ආයතනයේදී පැවැති සාකච්ඡා අවසානයේ මෙම විරෝධතාවය පැවැත්විණි.
  
කිරි ගොවින් සඳහා ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් කිරි ගවයින් ගෙන්වා ලක්ෂ 2 ක මුදලකට ගොවින් අතර බෙදා දුන් කිරි ගවයින් 5000 ට ආසන්න ප්‍රමණයෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණයන් නොමැති බවත් එම සතුන් හට රෝගයන් පැතිරි සතුන් මිය යමින් පවතින බවත් එම නිසා මෙම සතුන් නඩත්තු කර ගැනීමට නොහැකි හෙයින් නැවත මෙම සතුන් භාරගෙන එම සතුන් සඳහා වැය කළ මුදල් ලබා දෙන ලෙස කිරි ගොවීහු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
  
එක් කිරි ගවයෙකු සඳහා ලක්ෂ 2ක මුදලක් හා යටිතල පහසුකම් සඳහා ලක්ෂ හතරක් පමණ වැය වූ බවත් ලක්ෂ හයක පමණ මුදලක් එක් ගවයෙකු වෙනුවෙන් දරන්නට වූ බවත එම සතුන්ගෙන් රජය හා වෙලාඩ් ආයතනය පැවැසු ආකාරයේ කිරි ප්‍රමාණයක් ලබා ගත නොහැකි වූ බවත් ඔවුහු එහිදී පැවැසූහ.
  
කිරි ගවයින් මිලදී ගෙන වසර එකහමාරක් පමණ ගතවී ඇතත් ඔවුන්ගෙන් කිසිදු ලාභයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම ව්‍යාපාරය පටන් ගැනීම සඳහා තම ඉඩ කඩම් වාහන ආදිය උගසට තබා බැංකු වලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව දේපල බැංකු වලට සින්න වී යමින් ඇති බවත් රජය මැදිහත් වී වියදම් වූ මුදල් ලබා දෙන ලෙසද ගොවිහු  නිලධාරීන්ට පැවැසූහ.



අදහස් (0)

රජය මගින් ගෙන්වූ කිරි ගවයින්ගේ අලාභය ඉල්ලා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14537 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site