( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි)
කල්පිටිය ජනසවිපුර ගම්මානයේ ජනතාව වසර 30 කට ආසන්න කාලයක් භාවිතා කළ රජයේ ඉඩමක් හදිසියේ ව්‍යාපෘතියකට ලබා දිමට විරෝධය දක්වමින් 500 කට වැඩි පිරිසක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ.
මෙම විරෝධතාවයට ජනසවිපුර ගම්මානයේ සියලුම ජනතාව එක්වි සිටිම විශේෂ සිද්දියක් වු අතර එම පිරිස අද( 6) ඔවුන් නිරත වන ධිවර රැකියාවට පවා නොගොස් විරෝධතාවයෙන් පාගමනින් සැතපුම් දෙකකට වැඩි දුරක් ගෙවා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට පැමින මෙසේ විරෝධතාවයට එක් විණි.
මෙසේ විරෝධතවයේ නිරත වු පිරිස් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටියදි මේ විරෝධතාවයේ නිරතවු පිරිසෙන් කණ්ඩායමක් සාකච්ඡාවට කැදවු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා විරෝධතාකරුවන්ට පැවසුයේ මෙවැන්නකි.
“මේ ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට එකට අයත් ඉඩමක් ඒ නිසා මිට වසර කිපයකට පෙරයි ආයතනය පෞද්ගලික පිරිසකට ලබා දි තිබේන්නේ .ඒ අනුවයි එම පිරිස මෙම ඉඩමට වැට ගැසිම සිදු කර තිබේන්නේ . කොහොමත් මේ ඉඩමට මේ වන විට අධිකරණ තින්දුවක් ලබා දි තිබෙනවා .වෙනත් කිසිවකුට ඇතුල් නොවන ලෙසට . නමුත් මේ ගමට ක්‍රීඩා පිටියක් නොමැති නිසා අපිට පුළුවන් නැවත අධිකරණයට මේ පිළබදව කරුණු ඉදිරිපත් කරලා සානුකම්පිත හේතු දක්වලා අභියාචනයක් ඉහළ උසාවියකට දන්වන්න. නැතුව ප්‍රශ්ණ ඇති කරන්න එපා.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රජයේ ඉඩමක් පෞද්ගලික ව්‍යාපෘතියකට දුන්නැයි කල්පිටියේ විරෝධතාවක්