(දිලිප් ජයසේකර)
විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටි සමයේ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී අමාත්‍යවරයාගේ අතින් ඇද බැනවැදී සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා එල්ල වු සැකකරු හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකොන් මහතා හමුවේ සිය වරද පිළිගත්තේය.
වර්ණසිංහ ප්‍රියලාල් පියරත්න නොහොත් කහවත්තේ සුදා නැමති අයට එරෙහිව නිතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණයේ මෙම නඩු පවරා තිබුණි.
ඒ අනුව පෙරේදා (26) හම්බන්තොට මහාධිකරණයේදි නඩු විභාගය කැඳවු අතර එහිදී චුදිත වරද පිළගත්තේය. එම සිදුවිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයෙන් සමාව අයදින බවත් විත්තිකරු නිතිඥයකු මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 05ක කාලයකට අත්හිටුවා විත්තිකරුට රුපියල් 50ක දඩ මුදලක්ද නියම කළේය. දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඩුවමක්ද නියම කැරිණි.
2014 වසරේ අප්‍රේල් මස 17 වන දින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමඟ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල හා හම්බන්තොට මාගම්පුර වාරායේ නිරික්ෂ චාරිකාවක යෙදුණු අවස්ථාවේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි වත්මන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට මත්තල ගුවන්තොටුපොල පරිශ්‍රයේදී මෙම සිදු වීමට ලක්ව තිබිණි.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය අමාත්‍යවරයාට බැනවැදුණ පුද්ගලයා අධිකරණයේදී වරද පිළිගනී
Bamunuarachchi Tuesday, 27 March 2018 06:26 AM
අධිකරණයේදී වරද පිළිගත්තාට කමක් නැහැ දඬුවම් වින්දත් කරන්න ඕනේ දේ කලානේ. මට මතක් වෙන්නේ රජීව් ගාන්ධිට තුවක්කු බටෙන් පහරදීපු සොල්දාදුවා.