IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දන්වයි

(දසුන් රාජපක්ෂ)

රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අට වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමේ සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

මෙම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම දැනුම්දීම කර ඇත්තේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරවය.

ඒ අනුව ඉදිරියෙදී රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ රංජිත් සොයිසා මහතාට පසුව වැඩිම මනාප ගෙන ඇති අපේක්ෂකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට නියමිතය.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසන් සභාව විසින් පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා තෝරා පත්කෙරෙන මන්ත්‍රීවරයාගේ නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.  

 



අදහස් (0)

රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site