IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජාංගනය - දැදුරුඔය වාන් දොරටු විවෘත කෙරේ

(ජුඩ් සමන්ත) 
 
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් ද අද(23)  අලුයම විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 
මෙම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්නැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
 
රාජාංගන ජලාශයෙන් මුදා හැරෙන ජලය කලාඔයට එකතුවීම නිසා එහි ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.
 
මේ නිසා පුත්තලම - මන්නාරම පැරණි මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇත.
 
එළුවන්කුලම සපත්තුපාලම මතින් අඟල් 32ක ජල ප්‍රමාණයක් ගලා යන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

 

  ඡායාරූපය -  දයාරත්න ඇඹෝගම ( රාජංගනයේ වාන් දොරටු හැරීම )



අදහස් (0)

රාජාංගනය - දැදුරුඔය වාන් දොරටු විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site