IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජාංගනෙන් ජලය ගන්නේ විකුණන්න නොවේලු

විනීතා එම් ගමගේ
 
තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් මිස ජලය බෝතල් කර විකිණීමේ  ව්‍යාපෘතියක් නොවන බව ජාතික ජල සම්පාදන හා  ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ අලහුඩීන් අන්සාර් මහතා පවසයි. 
 
දිනකට ජලය ඝන මීටර් 19,800ක් මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමයට අවශ්‍ය වන අතර එය රාජාංගන ජලාශයෙන් ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇතැයි ද සභාපතිවරයා කියයි. එහෙත් මේ වනවිට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධතා මතුවී ඇති බැවින් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ඇරඹීමට ප්‍රථම ගොවි සංවිධාන සමඟ පොදු එකඟතාවයකට පැමිණිය යුතුව ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.  
 
දැනට පවතින තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද එකක් වන අතර එමඟින් දිනකට ජලය ඝණ මීටර් 2500 ක් නල්ලච්චි වැවෙන් ලබා ගෙන පිරිසිදු කර නිවාස 4750 කට සපයන බවත් මෙම ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම හා දැනට  පවතින වකුගඩු ආශ්‍රිත රෝග වලින් දුක්විඳින ජනතාවට සහන ලබා දීම සඳහා නව ව්‍යෘපෘතිය ඉදිකිරීමට තිරණය වූ බවත්   ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
අදාල ප්‍රදේශයේ භූගත ජලයේ ඇති ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකි බැවින් මතුපිට ජල ප්‍රභවයකින් ජලය ලබාගැනීමට ගත් තීරණය මෙසේ ආන්දෝලනයට ලක් වූ බවත් එම නිවේදනයේ දැක්වේ. 
 
අදාල ජල සම්පාදන ක්‍රමය නිම වූ පසු විබෙදුම් පද්ධතියක් හරහා තඹුත්තේගම ග්‍රාම සේවා වසමේ කොට්ඨාශ 28 ක් ද ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 4 ක් ද තළාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 12 ක් ද ආවරණය වනසේ ජලය සැපයීමට නියමිතව ඇති බව ද එහි සඳහන් වේ.
 
මෙම ව්‍යාපෘතියට අමතරව රාජාංගන ගොවි ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත එප්පාවල රාජාංගන නොච්චියාගම හා ගිරිහාව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් පත් ද කැඳවා ඇති බවත් සියලූ ව්‍යාපෘති සඳහා දිනකට ඝන මීටර් 44000ක ජල ප්‍රමාණයක් රාජාංගන ජලාශයෙන් වෙන් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකඟවූයේ 2015 දී බවත් සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.



අදහස් (1)

රාජාංගනෙන් ජලය ගන්නේ විකුණන්න නොවේලු

aka Sunday, 04 March 2018 02:05 PM

විකුනන්න නොවුනත් දැනටමත් ජලාශයෙන් වගාවන්ට ජලය නියමාකාරව නොලැබෙන බව දැන ගන්න තියනවා. එහෙම තියෙද්දි තියෙන ජලයත් වෙන දේකට යෙදවෙනවා කියන්නේ වගාවන්ට තියන ජලය තව අඩු වෙනවා කියන එක. වගාවකට වතුර අඩු උනාම සාකච්ඡා කරලා වැඩක් නෑ. ගහකට වතුර නැති වුනාම ඵලදාව අඩු වෙන එක හරි ගහ මැරෙන එක මිසක්, වෙන දෙයක් වෙන්නේ නෑ. ඒ නිසා කරන්න තියෙන්නෙ මුලින් සැලසුම් කල විදිහට මොරගහකන්දෙ ජලය ලබා ගෙන ව්‍යාපෘතිය කිරීම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31574 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13930 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site