අනීෂා මානගේ
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ ඉදිකර තිබූ ලෑලි කඩයක් ඉවත්කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ සහ එම නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ පුද්ගලයෙක් අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ තිබූ ලෑලි කඩයක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරින් හට එම කඩයේ අයිතිකරු නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් කඩුවකින් පහරදීමට තැත්කර තිබේ.
නිලධාරීන්ගේ දැනුම්දීමට අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ තංගල්ල විධායක ඉංජිනේරු එම්.ජී.ඩී ජීවනී මහත්මිය සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර කඩහිමියා පොලිස් නිලධාරීන්ගේ ද රාජකාරී කටයුතුවලටද බාධා එල්ල කළේය.
පොලිස් නිලධාරින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔහු නිලධාරින්ගේ ග්‍රහණයෙන් මිදී දිව ගිය ද ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වූහ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට පහර දීමට තැත්කළේ යැයි කියන කඩුව ද පොලිස් බාරයට ගැනිණි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට ගිය නිලධරයාට කඩුවකින් පහරදීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට