(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ නීති නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් වංචා කරනලද පුද්ගලයෙකු ලබන 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ බිංදු කුමාර රංගොඩගේ නමැති 51හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ මෝටර් රථයද නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සම්බන්ධිකරණ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදි 2014.ජනවාරි 03වනදින සිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය කර ඇති අයෙකි.
පසුව ඔහු ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයට වාර්තා කර ඇති අතර එසේ සිටියදි විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති බවටත් මොහු දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන බවටත් කාර්යාලයේ රැඳී නොසිටින බවටත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා 2020 ජනවාරි 8වනදින දාතමින් කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයටද දන්වා යවා ඇත.
මොහු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපකීර්තියක් බවත් අනෙකුත් නිලධාරින්ගේ රාජකාරියට බාධාවක් බවත් එනිසා මොහු වහාම ක්‍රියාත්මක වන පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා අමාත්‍යංශය වෙත යවන ලද ලිපියේ වැඩි දුරටත් සඳහන්වේ.එහෙත් ඔහු දිගින් දිගටම ගාල්ල සමෘද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගේ රුපියල් ලක්ෂයේ සිට හය ලක්ෂය දක්වා මුදල් ලබාගෙන ඇත.
පසුව මේ සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි අනුව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරවන් බුද්ධික(3683) නුවන්(86279)යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක ගමගේ මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රැකියා දෙන බව පවසා මුදල් ගැරූ ව්‍යාජ නීති නිලධාරියා රිමාන්ඩ්