(මහේෂ් කිර්තිරත්න)
වත්මන් කාලය තළ රට තුළ යහපත් සමාජයක් අවශ්‍ය නම් දහම් අධ්‍යාපනය ගොඩනැඟීම යුගයේ අවශ්‍යතාවයක් බව සංචාරක සංවර්ධන හා වනජීවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දන්කන්ද ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ "ශ්‍රී පියදස්සී" දහම්පාසල් නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහන යටතේ වෙන්වූ රුපියල් 500,000ක ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිල්ල ඉදිකෙරුණි.
වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා මෙසේද පැවසීය.
“වත්මන් සමාජ තත්ත්වය දෙස බැලීමේ දී ළමා පරපුර යොමු වන පරිසරය කුමන ආකාරයක එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්, එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත් යුතුකමක්. සමාජයට දැනුමෙන් මෙන්ම හැදියාවෙන් පිරිපුන් මිනිසෙක් බිහි කරන්නේ දහම් අධ්‍යාපනයෙන්. දිනෙන් දින සමාජය තුළ හිස ඔසවන ප‍්‍රචණ්ඩත්වය, මවට පියාට, වැඩිහිටියන්ට නොසළකන අධර්මිෂ්ට සමාජය බිහිවන්නේ වත්මන් පරපුරට නිසි දහම් අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙන්. ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් සභා මට්ටමින් මේ වන විට විවිධ වැඩසටහන් සිදු කරනවා. වත්මන් රජය විසින් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය මෙන්ම දහම් අධ්‍යාපනය නගා සිටුවීමටත් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 43ක් සඳහා මගේ මැදිහත්වීමෙන් මුදල් ප්‍රතිපාදන ලබා දී සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කළා.”
මෙම උත්සවය විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාචාර්ය දන්කන්දේ ඥාණසිද්ධි හිමියන්ගේ අනුශාසානා පරිදි දහම් පාසල් ආචර්ය මණ්ඩලය සංවිධානය කළ අතර මෙම අවස්ථාවට රත්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද මල්තුංග, කොට්ඨාසයේ මන්ත්‍රීනී කාංචනා සඳමාලි යන මහත්ම මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යහපත් සමාජයක් සඳහා දහම් අධ්‍යාපනය අවශ්‍යයි’