IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම කොහොඹාන ගමෙන් ඇරඹෙයි


                  
 
 
නාලක සංජීව දහනායක
 
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සෙනසුරාදා (4) වැනි දා අම්පාර කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා කීය.


ඒ අනුව නාඩු වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 38, සම්බා වී කිලෝග‍්‍රෑමයක්  රුපියල් 41 සහතික මිලක් යටතේ මිලදීගැනීමට නියමිතය. 


මෙවර යල කන්නයේ දී කුඹුරු අක්කර ලක්‍ෂ හතරහාමාරකට ආසන්න ප‍්‍රමාණයක් වගා කර ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1.4 අස්වැන්නක් අපේක්‍ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


ඉන් වී මෙට්‍රික් ටොන් 1,20,000 ක ප‍්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිළදී ගැනීමට නියමිතය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 4900ක මුදලක් අනුමත කර ඇත.

 
මෙම වී වලින් සකසන ලද සහන මිළකට සතොස ඇතුළු වෙළඳසල්වලට බෙදාහැරීමට නියමිතය. 


වී මිලදී ගැනීමේදී වී ගෙන ඒම සඳහා අවශ්‍ය පොලි පැක් මලූ ගොවීන්ට නොමිලයේ ලබාදීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.

වී අස්වැන්න මිලදී ගැනීමේදී ඇතිවන තදබදය වළක්වා ගැනීමට වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලින් දින වෙන්කරවා ගන්නා ලෙසද වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.     



අදහස් (0)

යල කන්නයේ වී අස්වනු මිලට ගැනීම කොහොඹාන ගමෙන් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site