IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපන පොලිස් විශේෂ බළකා නිලධරයන්ට පහර දුන් පිරිස රිමාන්ඩ්


 
රොමේෂ් මධුෂංඛ     
                   
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට පහර දුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් 1 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කර සිටියේය.

අරියාලෙයි ප්‍රදේශයේදී වැලි ජවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්තාවයේ දී ජාවාරම්කරුවන්ගේ පහරදීමෙන් රෝහල් ගත කෙරුණු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් තිදෙනා ද අද දහවල් වන විට රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

මේ අතර අරියාලෙයි ප්‍රදේශයේදී නොසන්සුන්තාවය ඇතිවූ ප්‍රදේශය ඇතුළු මාර්ගයන්හි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව දැඩි කර තිබේ.

වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාද පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත. 



අදහස් (0)

යාපන පොලිස් විශේෂ බළකා නිලධරයන්ට පහර දුන් පිරිස රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site