රොමේෂ් මධුෂංඛ
යාපනයේ ස්ථාන 3 කදී අද (6) උදෑසන ආවා කල්ලිය විසින් නිවාස 5 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභ හානි ද සිදුව ඇතැයි ප්‍රදේශයන් බාර පොලිසිය කියයි.
යාපනය කෝපායි පොලිස් වසමට අයත් කෝපායි දකුණ කොණ්ඩාවිල් පාරේ පදිංචි 36 හැවිරිදි ජෙයරත්නම් ජූඩ් ස්ටැන්ලි නැමත්තාගේ නිවසට අලුයම පළමු ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් නිවසේ දේපල හානි සිදුව තිබේ.
දෙවැනි ප්‍රහාරය අද අලුයම එල්ල වී ඇත්තේ කෝපායි ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පද්මරාසා සජීවන් නැමත්තාගේ නිවසේ දේපලවලට හානි කර පසුව නිවසේ සිටි 70 හැවිරිදි වේලුපුල්ලේ සෙල්වරාසා පුද්ගලාට ද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකර පලාගොස් ඇත.
තෙවැනි ප්‍රහාරය අද අළුයම එල්ල වී ඇත්තේ ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සජීව් අනුෂාන් නැමති පුද්ගලයාගේ නිවසට පැන නිවසේ දේපල හානි කර පලා ගොස් ඇත.
සිව් වැනි ප්‍රහාරය අද අළුයම එල්ල කර ඇත්තේ අංක 46 රජවීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි බාලේන්ද්‍රන් සරෝජනී දේවි නැමති කාන්තාවගේ නිවසට ඇතුල් වී නිවසේ දේපලවලට හානි කර පසුව එම කාන්තාවට ද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ අතර යාපනය චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ කුප්පිලාන් උතුර ප්‍රදේශයේ පදිංචි අරුලම්බරන් ජෙයරාසන් නැමත්තාගේ නිවසට ඊයේ (5) සවස ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී නිවසේ තිබූ යතුරුපැදි දෙකකට හා දේපල හානි රැසක් සිදුකර පලා ගොස් ඇත.
මෙම නිවාස 5 ට පහරදීම සඳහා යතුරුපැදි 5 කින් පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් සියලු ප්‍රහාරයන් ආවා කල්ලියේ එකම කණ්ඩායමක් විසින් පහරදීමට පැමිණ ඇති බවට සැක කරන්නේ යැයි පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය හා චුන්නාකම් පොලීසිය කියයි.



2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ ස්ථාන තුනකදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි
Mahesh Thursday, 06 September 2018 07:31 AM
වහාම කියාත්මක වී මේ සදහා පියවර ගත යුතුය. නැවතත් මේ පොලවේ ප්‍රභාකරන්ලා බිහි නොවීමට වග බල ගත යුතුය. නියපොත්තෙන් කපන්න තියන දෙය පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනකුට බාර දෙන්න.