(රොමේෂ් මධුෂංඛ)
යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කළ බව පලෙයි පොලීසිය පවසයි.
පේදුරුතුඩුව ඊ.පී.ඩී.පී. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙබමාලෙයි සෙබස්තියන් මහතා පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත.
කැපුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කිලිනොච්චිය මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
පහර දීම සිදුකළ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත සිදු කළ පහරදීමක් බවට සැක පළ කරන බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් පලෙයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
යාපනය ප්‍රා.සභා මන්ත්‍රීවරයකුට තියුණු ආයුධ වලින් පහර දෙයි