IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


යාපනයේ කල්ලි දෙකක ප්‍රබලයන් සිව් දෙනකු බන්ධනාගාරයට

රොමේෂ් මධුෂංඛ

 

යාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රීම් වෙළඳාම සඳහා යොදාගත් වාහනයක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි.

මානිප්පායි පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී නිවැසියන් වෙත තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරුවන් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 19 ත් අතර පසුවන වර්දරාසා අරවින්දන්, තවකුමාර් කජීපන්,කනගරාජ් තනුජියන් සහ වර්දරාජා නිජිවියන් නැමති පිරිසක් වන අතර සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පරණ නඩු 4 ක් පවතින හෙයින් ඔවුන් එළැඹෙන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත්  අධිකරණය නියෝග කළ බවයි.

පසුගිය සමය පුරාම යාපනය ප්‍රදේශයේ ආවා කල්ලිය, ධනු රොක් කල්ලිය,  වික්ටර් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් විසින් යාපනය ප්‍රදේශයේ නිවාස වෙත පහරදීමේ සිදුවීම් රැසක් සිදුකර තිබු බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ මානිප්පායි පොලිසිය පවසයි.

 



අදහස් (0)

යාපනයේ කල්ලි දෙකක ප්‍රබලයන් සිව් දෙනකු බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site