රොමේෂ් මධුෂංඛ
යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් නාවල්ලඩි ප්‍රදේශයේ වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමු වී ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
නාවල්ලඩි නාගනාදන් වීදියේ පිහිටි නිවසක හිමිකරු වන නවරත්නසිංහම් නැමත්තාගේ ඉඩම පස් කපන යන්ත්‍රයකින් පිළිසකර කරමින් සිටියදී එස්.එන්.96 වර්ගයේ අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සහ ක්ලේමෝ බෝම්බ දෙක රඳවන දෙකක් ද හමුවී ඇති අතර පසුව ඒ බව ඉඩමේ හිමිකරු විසින් කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත.
කොඩිකාමම් පොලීසිය විසින් අදාළ ස්ථානයට පැමිණ ක්ලේමෝ බෝම්බ දෙක රැගෙන යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙතට බාරදී ඇති අතර අධිකරණ නියෝගයකට අනුව අදාළ ක්ලේමෝ බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ ඉඩමක් ඩෝසර් කරද්දී ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවෙයි