(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම කිරීයන්කල්ලිය ගල්කුලිය ප්‍රදේශයේ අද (4) සිදුවූ යතුරු පැදි අනතුරකින් සිවු හැවිරිදි දරුවකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කල බව මුන්දලම පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගල්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙතුල බිම්සර නැමති දරුවකු බව පොලිසිය පවසයි.
මිය ගිය කුඩා දරුවා පියා සහ සොහොයුරා සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියකු පැදවූ යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ කුඩා දරුවා,ඔහුගේ පියා ,වැඩිමහල් සොහොයුරා සහ පොලිස් නිලධාරියා මුන්දලම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් තුවාල ලැබූ සිවු හැවිරිදි දරුවා හලාවත රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යතුරු පැදි අනතුරකින් සිවු හැවිරිදි දරුවකු මරුට