IMG-LOGO

යතුරු පැදියක් බස් රථයක ගැටී පුද්ගලයෙක් මරුට

(ඩී.ජි.සුගතපාල)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පුංචි පල්ලිය අසලදී අද (23) සවස තරුණයින් දෙදෙනෙකු ගමන්ගත්  යතුරු පැදියක් බස් රථයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.

සිද්ධියෙන් එම ස්ථානයේම මියගොස් ඇත්තේ බූස්ස කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

තරුණයින් ගමන්ගත් යතුරු පැදිය ගිංතොට පුංචි පල්ලිය අසලදී ට්‍රක් රථයකට ඉස්සර කිරීමට යාමේදී අලුත්වල සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා  ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 



අදහස් (0)

යතුරු පැදියක් බස් රථයක ගැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site