IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යතුරුපැදි සොරාගත් කාර්මිකයා රිමාන්ඩ්

(විජේරත්න රත්නායක )
                      
වසර කිහිපයක සිට බදුල්ල නගරයේ යතුරුපැදි සොරකම් කළ බවට සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අයෙකු මේ මස 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා  අද(11)නියෝග කළේය.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බදුල්ල සුමනතිස්සගම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
 
යතුරුපැදි 8 ක්ද සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
                      
තමන් පදිංචි ස්ථානයේම යතුරුපැදි අලුත්වැඩියා කරන ගරාජයක් පවත්වාගෙන ගිය සැකකරු දක්ෂ යතුරුපැදි කාර්මිකයෙකු මෙන්ම යතුරුපැදි ධාවකයෙකු වන බවද, දිවා කාලයේ බදුල්ල නගරයේ විවිධ මට්ටමේ පුද්ගලයන් හා ඉතා සමීපව ඇසුරු කරමින් යතුරුපැදි ඇති නිවෙස් හඳුනාගෙන රාත්‍රී කාලයේ ගොස් වෙනත් යතුරක් ආධාරයෙන් යතුරුපැදිය පණගන්වා සොරාගෙන ගොස් ඇතිබවද, මොහු වසර හතරක පමණ කාලයක් තිස්සේ සොරකම් කර ඇතැයිද බදුල්ල පොලීසිය කියයි.
 
එසේම ඔහු විසින් මෙසේ සොරකම් කොට ඇති යතුරුපැදි සියල්ලම පාහේ එකම වර්ගයක (සුසුකි) යතුරුපැදි බවද අනාවරණය වී ඇත.
 
මෙසේ සොරකම් කළ ඇතැම් යතුරුපැදි අලෙවි කර හෝ කොටස් කර හෝ ඇතැයිද සැකකෙරේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව බදුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කළ වැටලීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

යතුරුපැදි සොරාගත් කාර්මිකයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site