IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදි-ලොරි අනතුරින් ගායකයෙක් මරුට

(ජුඩ් සමන්ත)
 හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - මල්වත්ත පදිංචිව සිටි අඛිල ශිරන්ත ප්‍රනාන්දු (අවු:33) නම්වූ අයෙකි. ඔහු හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස කටයුතු කළ අයෙකි.

තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් පැමිණ ඇති ලොරියක යතුරු පැදිය ගැටී ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ ලොරිය සහ එය පැදවූ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

යතුරුපැදි-ලොරි අනතුරින් ගායකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site