(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී තමා පැදවු යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තාප්පයක හැපීමෙන් මාතර කොට්ඨාස අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊබට් කොළඹගේ මහතා අද (02) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි.
පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සිටි ඒ මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබ ඒ වන විට ගත වී තිබුණේ දින දෙකක කාලයකි.
තම පොලිස් ස්ථානයේ උප පොලිස් තනතුරට උසස්වීම් ලැබු සහෝදර නිලධාරියෙකුගේ නිවසට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබුණි.
දික්වැල්ල වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ප්‍රධාන පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා මිය යන විට 45 වැනි වියේ පසු වු තිදරු පියෙකු විය.
අනතුරින් බරපතල තුවාල ලබා ඔහු බතීගම රජයේ රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණි.
මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත දික්වැල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජී.සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
840
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2481
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යතුරුපැදිය තාප්පයක ගැටී ප්‍රධාන පොලිස් පරීක්ෂක මරුට
Senarath Monday, 02 March 2020 09:36 AM
එතුමාට නිවන් සුව අත්වේවා !