(මහේෂ් කිර්තිරත්න)
යටවත්ත ප්‍රාදේශිය සභාවේ 2019 අය වැය ලේඛනය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි යටවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් අත්තනායක මහතා විසින් 2019 වසරට අදාළ රුපියල් 74,853,901 යුත් අය වැය ඇස්තමේන්තුව මහ සභා රැස්විමට ඉදිරිපත් කරනු ලැබිය.
යෝජනාවට පක්ෂව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් නවදෙනා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සිවිදෙනෙක් ඇතුළු මන්ත්‍රිවරුන් 15 දෙනෙක් ඡන්දය ලබා දුන්හ.
යෝජනාවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා ඡන්දය ලබා දුන්හ.
මෙම අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද එක් වි සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යටවත්ත ප්‍රා.සබේ අයවැය සම්මතයි