IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යකඩ පොලු පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට


(ක.ග කරුණාරත්න)
 
ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා දියබෙදුම පොලිස් මුරපොළට පැමිණි පුද්ගලයෙකුට ආරවුල ඇතිකරගත් අනෙක් පාර්ශවකරු යකඩ පොල්ලක් රැගෙනවිත් පොලිස් මුර පොළ තුළදීම පහර දී බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ග ගත කිරීමෙන් අනතුරුව අද (23) මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.

පෙරදින (22) රාත්‍රි 10.00 ට පමණ ඇතිවී යැයි කියන මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.පී.ඩී සිල්වා නැමැති 44 හැවිරිදි ව්‍යාපාරිකයකු බව අනාවරණයවී ඇත.

 තුවාලකරු මියගොස් ඇත්තේ පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා සිටියදීය. ඒ රෝහලට ඇතුළත් කිරීමට පෙර බව පොලීසිය සඳහන් කළේය.

පහරදීම සිදුකළ පුද්ගලයා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යකඩ පොලු පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32134 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14600 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site