IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවකින් පරිසර හානිය ඉහළ ගොස් ඇතැයි උද්ඝෝෂණයක්

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

 පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාව මගින් මේ වන විට පාරිසරික හානිය ඉහළ ගොස් ඇති බව පවසමින්  එහි සේවකයෝ  අද (03) විරෝධතාවක  නිරත වුහ.


 කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියන් රජයට අයත් ආයෝජනමණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යනු ලබන අබලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවේ යකඩ උණු කිරීමේදි දිගින් දිගටම සිදුවන පාරිසරික හානිය ඉහළ ගොස් ඇති බවත් පාලනාධිකරියට අවස්ථා කිපයකදි දන්වා සිටියද එයට පිළියම් ප්‍රමාද කිරීමට විරෝධය  පා මෙලෙස ඔවුහු  උද්ඝෝෂණයේ නිරත වුහ. 


 මෙම විරෝධතාවය හේතුවෙන් කර්මාන්ත ශාලාවට අබලි යකඩ රැගෙන පැමිණි ලොරි රථ විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාවට පිවිසිමට නොහැකිව පුත්තලම කුරුණැගල මාර්ගයේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය ආසන්නයෙ නවතා තැබිමට කටයුතු කර තිබුණි.


 කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් කල්අඩිය සහ අවට ගම්මාන වල පදිංචි කරුවන් වන අතර ඔවුන් සමඟ මෙම විරෝධතාවයට අවට පදිංචිකරුවන්ද  එක්ව සිටියහ.



අදහස් (0)

යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවකින් පරිසර හානිය ඉහළ ගොස් ඇතැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site