(රන්න චන්ද්‍රසේන ගමගේ)
තමා දන්නා තරමින් පාර්ලිමෙන්තුව තුළ ජාතික ආණ්ඩුවක් නොමැති බවත් පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් තමන් මේ වනතුරු ඒ පිළිබඳව දැනුවත් වී නොමැති බවත් හිටපු කෘෂිකර්ම ඇමති සහ පාර්ලිමෙන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධයක මහින්ද අමරවීර මහතා අද(02) පෙරවරුවේ අම්බලන්තොට කරගස්ආරේදී පැවසීය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුවේ මුල්‍ය ආධාර යටතේ රුපියල් ලක්ෂ 30ක් වැයකර ප්‍රතිසංස්කරණය කරන ලද අම්බලන්තොට කරගස්ආර ‘‘කුඩාබෝලාන බස්නා‘‘ මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතා මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේ මීට පෙරද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කිහිප වරක් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නිසාත් වෙනත් පක්ෂයක මුස්ලිම් මන්ත්‍රී වරයෙකු ඔවුන්ට සහාය දක්වන නිසාත් අද පවතින්නේ ජාතික ආණ්ඩුවක් බව පවසා තිබෙන නමුත් මා දන්නා තරමින් අපි පැවති ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූවායින් පසු මේ වන තෙක් රට තුළ ජාතික ආණ්ඩුවක් නොමැති බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවකට ගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන් මේ වනතුරුත් තමන් දැනුවත් කර නොමැති බව පැවසීය. කෙසේවුවත් හොඳ පරමාර්ථයකින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සදහා ජාතික ආණ්ඩුවක් හදනවා නම් එහි වරදක් තමන් නොදකින් බවත් ඇමතිකම් ඉල්ලා හඬා වැටෙන අය සැනසීම සඳහා ඇමති මණ්ඩලය ඉහළ නංවා ගැනීමට බිහිකරන ජාතික ආණ්ඩුවලින් රටට වැඩක් නැති බවත් හෙතෙම පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘දැන් හැමෝම මැති වරණ ගැන කතා කරනවා. අපේක්ෂකයන් ගැන කතා කරනවා. නමුත් මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට මේ රට ගොඩ ගැනීම සදහා කිසිදු වැඩ පිළිවෙලක් නැති බව පෙනෙන්න තිබෙනවා. මමත් මේ දේශපාලනය තුල හිටි නිසා අද රට පත් වි ඇති තත්වයට තමන්ද වග කිව යුතු බව මම මෙහෙදී සඳහන් කරනවා.‘‘ යැයි පැවසීය.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මා දන්නා තරමින් රට තුළ ජාතික ආණ්ඩුවක් නෑ.- මහින්ද අමරවීර