IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මී ඔය රක්ෂිතයේ මුවෙකුට වෙඩි තැබූ දෙදෙනෙක් අත්අඩංගුවට

(රෝවන් පෙරේරා)
 
පාවට්ටාමඩුව මී ඔය රක්ෂිත ප්‍රදේශයේදී වෙඩි තබා මුවකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනකු අද(27) පුත්තලම සෙල්ලන්කන්දල් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම සහා සිරාම්බිඅඩිය පදිංචිකරුවන් දෙදෙනෙකි.

තබ්බෝව අභය භූමියේ සිට මී ඔය රක්ෂිතයට සංක්‍රමණය වූ වයස අවුරුදු 8ක පමණ, කිලෝ 80 පමණ බරකින් යුත් විශාල මුවකු වෙඩි තබා මෙලෙස ඝාතනය කර ඇත.

වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටල්වලට මෙම මස් අලෙවි කිරීමට සැකකරුවන් කටයුතු සූදානම් කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ ඝාතනය කර තිබූ මුවා කරුවලගස්වැව වනජීවී අඩවි කාර්‍යාලයට අධිකරණ කටයුතු සඳහා භාරදුන් බව කඳවුර භාර අණ දෙන නිලධාරී බී. සී. එල්. මුණසිංහ මහතා පැවසීය.

කරුවලගස්වැව වනජීවී අඩවි වන ආරක්ෂක නිලධාරී උපාලි රත්නමලල මහතා පැවසුවේ වනජීවී හා රුක්ෂලතා ආඥා පනතට අනුව සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

මී ඔය රක්ෂිතයේ මුවෙකුට වෙඩි තැබූ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site