(හේමලතා ඩී හේවගේ)
පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹුඩාව ගංගාරාම විහාරස්ථානයට අයත් භූමිය මාඔයේ ඉවුරු ඛාදනයෙන් පස් කඩාගෙන ගොස් ඇතැයි විහාරස්ථ දායක සභාව සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වසර 300 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය අක්කර 3 ක් පමණ භූමියක භාගයක පිහිටා තිබේ.
අද වනවිට ඉන් විශාල කොටසක් වටිනා ගස් කොලන්ද ඔයට බිලිවෙමින් පවතින එහි ගිය අපට ද දැකගන්නට හැකිවිය.
මෙම විහාරස්ථාන භූමියට සිදුවෙන හානිය පිළිබඳව එහි විහාරවාසී කරඳගොල්ලේ සුමනරතන හිමියන් මෙසේ පැවසූහ.
‘මේ විහාරස්ථානයේ වැඩ ඉන්නේ පස්වන පරම්පරාව. මේ ඉඩම මා ඔයට කඩාගෙන යන්න පටන් අරන් දැන් වසර 20 ක් විතර වෙනවා. මේ විහාරස්ථානයට එනකොට මා ඔය දෙපැත්තේ ඉවුර එකම වැලි තලාවක් තිබුණා. මිනිස්සු වැලි ගොඩදාන්න පටන්ගත්ත නිසා ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඒ වැලි තලාව නැතිවෙලා ඔයේ මහ ගල් පෑදෙන්න පටන් ගත්තා. ඉවුර දෙපැත්තම මා ඔයට කඩාගෙන ගියා. මේ යන විදිහට ගියොත් තව වසරක් දෙකක් යනකොට විහාරස්ථානයට චෛත්‍යක් ඉතුරුවෙන්නේ නැහැ. දැනටමත් පන්සල් භූමියෙන් පර්චස් 60 ක් විතර ඔයට කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. මේ සිදුවෙන විනාශයට සහනයක් ලබාදෙන්න කියා අපි 2009 ඉඳන් අදාල අංශ දැනුවත් කළා. නමුත් ඒවා ක‍්‍රියාත්මක වුණේ නැහැ.
පසුව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාව අපි අවස්ථා කිහිපයකදීම දැනුවත් කළා. එතුමා මේ සම්බන්ධව සොයලා බලා වාරිමර්ග නිලධාරීන් මෙම ස්ථානයට එවලා තිබුණා. මේ භූමියේ ඉතිරි කොටස හරි ආරක්ෂා කරගන්න බැම්මක් බඳින්න ඇස්තමේන්තුත් සකස් කළා. අපි ඒ බැම්ම ඉදිකිරීමට අවශ්‍ය ශ‍්‍රම දායකත්වය කළුගල් වැනි අමුද්‍රව්‍ය කොටසක් හරි සපයා දෙන්න සූදානම්. නමුත් අවශ්‍ය තාක්ෂණික දැනුම අපට නැහැ.’




2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මා ඔයේ ඉවුරු ඛාදනයෙන් පන්නල විහාරස්ථානයක් අනතුරේ