
(අතුල බණ්ඩාර)
පියා පැදවූ මෝටර් රථය බෝක්කුවකින් පහළට පෙරළී අට හැවිරිදි දියණියක මියගොස් ඇතැයි රාජාංගනය පොලිසිය කියයි.
අනුරාධපුර - පුත්තලම මාර්ගයේ තරුණ ගොවිපොළ හන්දියට නුදුරු ඇද බෝක්කුවෙන් පහළට පෙරළී මේ අනතුර සිදුව තිබේ.
සිය පියාට අයත් මෝටර් රථයෙන් බෙලිඅත්තට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී අද අලුයම 3.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථවේ මෝටර් රථය තුළ මියගිය දැරිය ඇතුළු පස් දෙනකු ගමන් කර ඇත.
මෝටර් රථය පැදවූ පියා, දියේ ගිලෙමින් සිටි බිරිය සහ දරුවන් දෙදෙනකු බේරාගෙන ඇතැත් අට හැවිරිද දියණිය දියේ ගිලි මියගොස් ඇත.
(ඡායාරූප එස්.ජි.උභයපාල)


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.