(රංජිත් රාජපක්ෂ)
වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් වතුයායේ ඉහළ කොටසේ නිවසකදී මිය ගියේ යැයි කියන වල්ලිඅම්මා රාගෙයි නැමති 81 හැවිරිදි කාන්තාවකගේ සිරුර සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් අද (12) වතු කම්කරුවන්ගේද සහයෝගය ඇතිව එම වතුයායේ මෙහෙයුමක් ක්‍රියාත්මත කර තිබේ.
රෝගාතුරව සිටි තම මව ඉකුත් 9 දින නිවසේදී මිය ගිය බවද, මළ සිරුර ඇගේ පුතා ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටවල පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය ඒ පිළිබඳව විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.
මිය ගිය තැනැත්තියගේ ලේලිය වන විශ්වා ගෞරවි නැමති තිදරු මව පොලිසියට හමුවේ පවසා ඇත්තේ රෝගාතුරව සිටි තම නැන්දණිය නිවසේදි මිය ගිය බවත්, අවසන් කටයුතු සිදු කිරීමට තම සැමියා සතුව මුදල් නොමැති බැවින් මෘත දේහය කැලෑවකට විසි කර දමන බව පවසා තම සැමියා පුතා සමග එදිනම රාත්‍රියේ මළසිරුර ත්‍රිරෝද රථයක නංවාගෙන නිවසින් පිටව ගිය බවත්, එදින සිට තම සැමියා හෝ පුතා පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්ය.
නිවසේදි මිය ගියේ යැයි කියන මවගේ මෘත දේහය සොයා හැටන් පොලිසියේ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහය ඇතිව පොලිස් නිලධාරීන් වතුයායේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් මිය ගිය තැනැත්තියගේ බාල මුණුබුරා වන 8 හැවිරිදි ගෝපාල ක්‍රිෂ්ණන් දරුවාගෙන් අද (12) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එහිදි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම පියා, මව සහ අයියා විසින් මිත්තනියට පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත්, පසුව තම පියා ඇගේ සිරුර මල්ලක දමාගෙන නිවසින් රැගෙන ගිය බවත්ය.
වටවල පොලිසියේ නිලධාරින් සැඟවී සිටින බවට සැකකරන එම පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.
මෙය ඝාතනයක් බව හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.




2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මළ සිරුරක් සොයා පොලිසිය වටවල පීරයි