(අමදෝරු අමරජීව)
පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු තොගයක් ප්‍රවාහනය කිරිමට සුදානම් කෙරෙද්දි පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ලොරිය සමඟ රියදුරු අත්අඩංගුවට ගැනිමට එරෙහිව අද (20) දහවල් ත්‍රිකුණාමලය පොඩවකට්ටු ධිවර කාර්මිකයෝ මාර්ගය හරස් කර විරෝධතාවයක නියැලුණි.
එම ධිවර කාර්මිකයන් පවසන්නේ තමන් එම ලොරියට පැටවු මාලු පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලනලද මාලු නොවන බවත් වෙළෙන්දන් 11 දෙනෙකුගේ මාලු එම ලොරියේ තිබුණද සෙසු අයගේ මාලු පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු දැයි නොදන්නා බවත්ය.
ධිවර මුදලාලිලා කිහිප දෙනෙකුගේ මාලු අතර පුපුරන ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු ඇති නම් ඒ අය අත්අඩංගුවට ගෙන තමන්ගේ මාලු නිදහස් කරන්නැයි උද්ඝෝෂකයෝ කියා සිටියහ.
අත්අඩංගුවට ගත් මාලු තොගය සහිත ලොරිය රියදුරු හා සහයකයා කුච්චවේලි පොලිසියට භාර දි තිබේ.
උද්ඝෝෂකයන් අතරට පැමිණි කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල කඩුපිටිය, සහකාර ධිවර අධ්‍යක්ෂ ඊ.එම්.සි.බෝයගොඩ යන මහත්වරු අදාල මාලු සාම්පල් නාරා ආයතනයට යවා කඩිනමින් විසදුමක් ලබාදෙන බැව් කීය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු ලොරියක් අත්අඩංගුවට ගත්තැයි තිකුණාමල ධීවරයෝ පාරට බසිති