IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මහ වැස්සෙන් කරාබු නැටි, ගම්මිරිස් ගොවීන් අමාරුවේ

අධික වර්ෂාවත් සමග මහා පරිමාන සුළු අපනයන බෝග ගැනුම් කරුවන් අඩු මුදලට කරාබු නැටි මිලදී ගැනීමත් හේතුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ සිටින කරාබු නැටි සහ ගම්මිරිස් ගොවියන් අසරණ තත්ත්වයට පත්ව ඇති බව යටිනුවර අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන  ගොවි සංවිධානයේ සභාපති ඩග්ලස් කරුනාදිපති  මහතා පවසයි.
කරාබු අස්වැන්න මේ දිනවල නෙලන අතර  කරාබු වියලා ගැනීමට තරම් හිරු රශ්මිය නොමැති නිසා කරාබු නැටි කුණුවන බව ද ගොවීහු පවසති.
   මහාපරිමාන වෙළඳුන් අමු කරාබු නැටි කිලෝවකට රුපියල් 260ක් වැනි මුදලක් ගෙවීම අසාධාරණ බව ද ඔවුහු කියති. කැඩුම් කරුවෝ කරාබු නැටි කිලෝවකට රුපියල් 150 ක් අයකරති.   උඳුනෙන් වේලන ලද කාරබු කිලෝ එකක් රුපියල් 1050 ක්  මිලක් වන අතර මෙයින් ලාබ ලබන්නේ මහා පරිමාන  උඳුන් ඇති  ව්‍යාපාරිකයින් බවද ඔවුහු පෙන්වා දෙති.
   කුඩා වියලනයකින් දිනකට කිලෝ 50 ක් පමන වියලිය හැකි අතර  එවැනි උඳුනක්  රුපියල් 150,000 ක්  පමණ වේ.  එතරම් මුදලක් ඔවුනට දැරිය නොහැකි යැයි ද කියති. මේ සම්බන්ධයෙන් බලධාරින් මැදිහත්ව විසදුමක් ලබා දියයුතු  ඔවුහු පෙන්වා දෙති.

 

289    වියළාගත නොහැකිව  කුණුවෙන කරාබු නැටි තොග

290
  කරුණාදීපති මහතා කුඩා වියලනයක් ක්‍රියාත්මක කරමින් 



අදහස් (0)

මහ වැස්සෙන් කරාබු නැටි, ගම්මිරිස් ගොවීන් අමාරුවේ

හිමාල් Saturday, 28 January 2017 04:23 PM

හැමදේටම බලධාරියා එනතුරු බලාඉඳලා වැඩක් නැහැ. ලෝකේ කරාබුනැටි නිෂ්පාදනය කරන්නේ ලංකාව විතරක් නොවෙයි වගේම වැස්ස වහින්නෙත් පළමු වතාවට නොවෙයිනේ. තමන්ගේ ව්‍යාපාරය සැළසුම්සහගතව කරන්න තමන්ටත් වගකීමක් තියෙනවා. (නි)

:       0       0

කුමාර Sunday, 29 January 2017 07:18 AM

අපේ රටේ බොහෝ දෙනෙක් බලධරයන් කර දෙනතුරු බලා ඉන්නවා. තමුන්ට කරගන්න පුළුවන් වුණත් ආණ්ඩුවෙන්ම දේවල් බලාපොරොත්තුව ඉන්නේ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 29 January 2017 07:53 AM

හිමල්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. විවෘත ආර්ථිකයක් ඇති ලංකාවේ රජය හැමදේටම මැදිහත් කරගැනීමෙන් වෙන්නේ දුෂිත දේශපාලකයන්ට රටේ ආර්ථිකයේ ලොකු කුඩා සියලු දෙයටම ඇඟිලි ගැසීමට අවස්ථාව ලැබීමයි. ලොකු උදුන් ඇති ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ උදුන් වලට විශාල මුදලක් ආයෝජනය කර ඇත. අවස්ථාව ලැබුන විට ඔවුන් මුදල් උපයා ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයකි. මෙහිදී කුඩා ගොවියන් දෙන්නා තුන්දෙනා බැගින් එකතු වී මුදල් එක්රැස්කර ලොකු උදුනක් ගැනීමට කටයුතු කළයුතුය. එවිට ඔවුන්ට තමන්ගේ කරාබු නැටි වියලාගත් පසු අනිකුත් කුඩා ගොවීන්ගේ කරාබුනැටිද වියළා දී අමතර අාදායමක් ලබාගත හැකිය (නි)

:       0       1

ජනහිත Monday, 30 January 2017 04:45 AM

වැස්ස නැතිවීම එක ලෙඩක්. එ්ත් වැස්සම තව ලෙඩක්. මේවට ඉස්සර මිනිස්සු මුහුණදුන්නේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site