(මනෝජ් හර්ෂික)
මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැප්තැම්බර් මාසය අවසන්වීමට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පොහොර සමාගම් සඳහා උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අද (16) සඳහන් කළේය.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා සෙවිලි තහඩු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“යූරියා මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නැවක් සැප්තැම්බර් මස 26වැනිදා ලංකාවට එනවා. මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ ගෙනෙන පොහොරවලින් සම්පුර්ණ වෙනවා.
මෙවර අපි රුසියාව, වියට්නාමය සහ චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් ඉහළ පොහොර ගොවීන්ට ලබාදීමට කටයුතු කරනවා. පෙර කන්නවලදී නියමිත වේලාවට පොහොර ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ගොවියන් අපහසුතාවට පත්වුණා. එහෙත් මේ වසරේ දී පොහොර නිසි වේලාවට ලබා දීමට මම කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා එහිදී කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මහ කන්නයේ පොහොර කඩිනමින් ගෙන්වන්න උපදෙස්